මෙවැනි පුද්ගලයන් සිටීද?

14 11 2009
ටික දවසකින් මුකුත්ම ලියන්න බැරි වුනා ඉතිං  මොනවා ලියන්නද කියලා හිත හිත ඉන්නකොට ඉස්කොලෙ  යන අතරමගදි අහම්බෙන් දැක්ක සිදුවීමක් ලියන්න හිතුනා මොකද ඒ වගේ දේවල් ඇගයීමකට ලක් කල යුතු දේවල් නිසා.
මම ඉතින් මෙහෙම පටන් ගන්නම්,  මම එදා ටිකක් නැගිටින්න පරක්කු වුන නිසා ටිකක් බස් එකට ටිකක් පරක්කු වුනා. ඉතිං මම වෙනදා යන බස් එක මගඇරුනු නිසා වෙන බස් එකක යන්න මට සිද්ධ වුනා.  ඉතිං මම බස් එකේ රාජගිරිය හරියට යනකොට බස් එකේ හොදටම සෙනග ලංකාවෙ බස් වලට සෙනග පටවන එත ගැන ඉතිං කියන්න ඕනෙ නෑනෙ. බස් එකට අඩිය තියන්නත් කලින් බස් එක ගිහිල්ලා ඉවරයි. සමහර දෙනා වයසවත් නොතකා සලකන විධිහ දැක්කම හිතෙනවා මේත් මිනිස්සුද කියලාත්. මට නම් ගේ ලගින්ම බස් එක පටන් ගන්න නිසා හැමදාම සීට් එකක් හම්බ වෙන නිසා සනීපෙට යන්න පුලුවන්. සමහර දවස් වලට නම් හිටගෙන යන්න වෙනවා මොකද අතරමගදි සීට් එක දෙන්න වෙන අවස්ථා තියනවනෙ.
කොහොම හරි රාජගිරියෙදි ‍වයසක ආච්චි කෙනෙක් බස් එකට ගොඩ වුනා.  බස් රථයේ රියදුරු මහතා ඉතා ඉවසිලිවන්තව බස් රථය නවතා ඒ වයසක ආච්චි බස් එකට නැගලා වාඩි වෙනකන් ඉදලා තමයි බස් එක ගියෙ. ඒත් පුදුම හිතෙන වැඩේ කියන්නෙ කොන්දොස්තර මහතා ඉතාමත්
කාරුණික ලෙස ඒ ආච්චි ලගට ඇවිත් “අම්මා කොහෙටද යන්නෙ” කියලා අහලා ටිකට් දෙන විටත් ඉතා කාරුණිකව “අම්මෙ මාරු සල්ලි නැද්ද ” කියා අසා නැති බව කියු විට  “කමක් නෑ අම්මෙ” කියා ටිකට් දුන්නා. මට ඒ දෙය දැකලා පුදුම හිතුනා.  මොකද දැන් බොහෝ කොන්දොස්තර මහතුන් හා මේ කොන්දොස්තර මහතා දිහා බැලුවම.
මට මේ ගැන ලියන්න හිතුනේ මේ වැනි වු ක්‍රියා අතිශය දුර්ලභ නිසාත් අපි වැරදි කියනවට වඩා අගය කල යුතු ක්‍රියා අගය කල යුතු නිසාත්. තවද කාලය නිකරුනේ ගෙවෙනවට වඩා නිවාඩු වෙලාවට මේ වගේ අද්දැකීම් ඔබත් සමග බෙදාහදා ගැනීම හොද යයි සිතුන නිසාත්. සමහර විට මගෙ වැරදි අඩුපාඩු ඇති ඒ ගැනත් ඔබේ අදහසුත් දක්වන්න.




අලුත්ම fasion එක මේකද?

23 10 2009

ටික දවසකින් මුකුත් ලියන්නත් බැරි වුනා. අද ඉස්කෝලෙත් ගිය නැති නිසා මොනවා හරි ලියන්න හිතුනා. ලියන්න නම් ගොඩක් දේවල් තියනවා. ඒත් මම ලගදි අහන්න ලැබුනු සිද්ධියක් ගැන ලියන්න හිතුවා.

සිය දිවි නසා ගැනීම,අද සමාජයේ සුලබ ක්‍රියාවක් බවට පත් වී තිබෙනවා. මොකද අද පත්තරයක් බැලුවත් සතියකට අනිවාර්යෙන්ම මෙවැනි සිද්ධි සුලභව දකින්න ලැබෙනවා. මේ තත්වය ගොඩක්ම පවතින්නේ පාසල් ලමයින් අතරයි. මේ දින වල ගොඩක්ම දකින්න ලැබුනේත් පාසල් වයසේ ලමයින්ගෙ සිදුවීම්. මේවා‍ට ගොඩක්ම මුල් වෙන්නෙ ජංගම දුරකතන කියලා ගොඩක් දෙනා පවසනවා. නමුත් ඒකද ඇත්තම කථාව? නැහැ,අපිට ජංගම දුරකතනය පිටම වරද පටවන්න බැහැ. මොකද තාක්ෂණය දියුණු වෙනවා ඒක නවත්තන්න බෑ. කල යුතු වන්නෙ අපි වරදින් වැලකීමයි.

අවුරුදු ගනනාවක් දුක් මහන්සි වෙලා දෙමවුපියො දරුවන් උස් මහත් කරනවා. ඒ දහසක් බලාපොරොත්තු හිත් වල පුරවාගෙන. ඒත් අවුරුදු 15 ක් 16 ගිහාම තමන්ගෙ දෙමවුපියන්ව දරුවන්ට අමතක වෙනවා. දෙමවුපියන් කියන දේවල් කිසිම දෙයක් අහන්නෙ නෑ. එහෙම අහන්නෙ නැතුව තමන්ගෙ ජීවිතය නිකං අපරාදේ නාස්ති කරගන්නවා.

මේ විදිහට ජීවිත කීයක් නම් නාස්ති වුනාද මේ අවුරුද්දෙ. ඒ ගැන ඉතිං ඔබටත් අහන්න දකින්න ලැබුනනෙ ගිය දවස් වල. ප්‍රශ්නය, මොකටද මේ විදිහට නිකරුනේ ජීවිතය නාස්ති කරගන්නෙ? ප්‍රශ්නයක් ඇති වුනා නම් සිය දිවි නසා ගැනීම නෙමෙයි විකල්පය. ඒ ප්‍රශ්නය ඇති නොවෙන්න මුල සිටම වග බලා ගත්තා නම් මේ ප්‍රශ්නය ඇති නොවෙන්න තිබුනා.

මේ විදිහට ළමයි කරන අණුවනකම් නිසා අහිංසක නිකං රටේ ලෝකෙ මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා. ඒත් ඇතැම් අවස්ථාවක දී දෙමවුපියනුත් මේ ඛේදජනක තත්වයට වග කිව යුතු වෙනවා. මොකද, ඇතැම් දෙමාපියන් තම දරුවන්ගේ වයස ගැන පවා නොතකා ජංගම දුරකතන අරන් දෙනවා. තවද තම දරුවන් කරන කියන දේවල් ගැන සොයා බලන එක තරමක් දුරට අඩු කරනවා. ඒකත් මේ තත්වයට හේතු වෙනවා. කෙසේ හෝ කාගේ කාගේ වරදින් වුවත් මේ සිදුවීම දිගින් දිගටම සිදු වුවහොත් විශාල මෙය විශාල ප්‍රශ්ණයක් බවට පත්වනු නොඅනුමානයි.

ඔබත් මේ පිළිබද යම් මතයක් දරනවා ඇති. මේ පිළිබද ඔබ දරන මතයත් comment එකක් මගින් ප්‍රකාශ කරන්න. ඒක ලොකු ශක්තියක් වේවි මට තව දුරටත්……