වසරකට පසු

7 01 2010
SBU එකත් තිබුනා ඒත් එන්න නම් අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒ ගැන බොහොම කණගාටුයි.
මම හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුත් මීට වඩා සාර්ථකව කරන්න ලැබෙන්න කියලා.
මේ දවස් වල කිසිම විශේෂ දෙයක් හිතට ආවෙත් නෑ ලියන්න තරම් ඒ අතරෙ ඉස්කෝලේ Project එකේ වැඩත් ගොඩගැහිලා. ඒ අතරතුර තමයි මෙහෙම ලියන්න වෙලාවක් ලැබුනෙ.  ඒ අතර 2009 සාමාන්‍ය පෙළ විභාගයත්ඉවර වුනානෙ, ඒ නිසා ඒ ආශ්‍රයෙන් මොනවා හරි
ලිවුවොත් හොදයි කියලා මට හිතුනා.ඉතිං  මම මේ විදිහට පටන් ගන්නම්…
අවුරුද්දකුත් ගෙවුනා නොදැනීම. ගත වෙච්ච අවුරුද්ද ගැන කියනවනම් සිය අනාගතය තීරණය කරන එක්තරා කඩඉමක් පසු කරපු තීරණාත්මක අවුරුද්දක් වුනා මට වගේම 2008 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටපු හැම දෙනාටම. ඉතිං කොහොම හරි අවුරුදු 11 ක් මහන්සි වෙලා ඉ‍ගෙන ගත්තු දේවල් පැය කිහිපයකින් කොළයක සටහන් කරලා ලොකු නිවාඩුවක් ලැබෙනවා හැමෝටම.  ඒ විධිහට මේ අවුරුද්දෙත් නංගිලා මල්ලිලා කට්ටියක් විභාගෙ ඉවර ‍වෙලා නිවාඩුව භුක්ති විදිනවා ඇති. මටත් මතකයි ගිය අවුරුද්දෙ මමත් මේ වෙනකොට කවදාවත් නොදැනුන අමුතුම සැහැල්ලු හැගීමක් එක්ක හිටියා. හරියට හිස මත තිබුණු ලොකු බරකින් නිදහස් වුනා වගේ. අපි වගේම මේ අවුරුද්දෙත් නංගිලා මල්ලිලාත් ඒ සැහැල්ලුවෙන් ඉන්නවා නොඅනුමානයි.  මොකද කියනවානම් මහන්සි වෙලා පාඩම් කරලා දැන් පොඩි විවේකයනක් ලැබිලා තියන නිසා. ඒ වගේම හිත් වල කවදාවත් නොදැනිච්ච දුකකුත් තියනවා අනිවාර්යෙන්ම. මොකද තමන්ගේ යාලුවන්ගෙන් ටිකක් දුරස් වෙන්න් සිද්ද වීම ගැන.  ඒ ගැන හිතට ගොඩක්ම දැනෙන සින්දුවක් තමයි මේ
සුළගේ ලෙලෙනා
මල් සේ දග පා
අප පාසැල් ගිය කාලයේ
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරැමේ….
සුළගේ ලෙලෙනා…..
ලොකු පන්තියෙ අය පොඩි පන්තියේ අය
සැමදෙන එක පන්තියේ විලසේ//
අප පොත්වල දුටු රජවරැ සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැව්වේ…
සුළගේ ලෙලෙනා…..
සාමල අමරලා පොත් තුළ තව ඇත
එන එන අය හා යාළු වෙතේ//
අපේම පාසැල අපේම මව විය
එදවස් අප හට නැත ආයේ…
සුළගේ ලෙලෙනා…..//
මේ ගීතය ශාලිත අබේගුණවර්දන ගායනා කරන ගීතයක්.  මේ ගීතය මම මීට පෙරත් අමතක නොවන මතකයක්…… ලිපිය  යොදා ගත්තා. මට හිතුනා පාසල් කාලය ගැන කියන්න ඒ ගීතය වඩාත් උචිතයි කියලා.
පාසල් කාලේ සුන්දර මතකයන් හැම දෙනාගෙම මතකයේ රැදී තියන ඒ මතකය මතක් කර සතුටු වෙනවා හැර
දැන් කරන්න දෙයක් නෑ.

පෙර ලිපි වලට ප්‍රතිචාර දැක්වු සියලු දෙනාට ගොඩක් ස්තූතියි. පෙර ලිපි වලට වගේම මේ ලිපියේ හොද නරක කොහොමද කියලා comment එකක් දාන්නකෝ…….

Advertisements




අමතක නොවන මතකයක්……

8 10 2009
සුලගේ ලෙලෙනා මල් සේ දඟ පා
පාසල් ගිය කාලයේ යාලුවො අද නැත
වෙන අය එහි ඇත කාලය මැවු
වෙනසන අරුමේ…….
ඒත් මම මේ කියන්න හදන්නේ පාසල ගැන නම් නෙමෙයි…..පාසල ගැන මම
වෙන ලිපියකින් ලියන්න බලාපොරොත්තු වෙනවා.
මේ සින්දුවේ මේ පද පෙල ඇහෙනකොට හිතට ඇති වෙන දුක කොහොමද කියලා
වචන වලින් කියන්න බෑ.මේ සින්දුව ඒ තරම් සංවේදී සින්දුවක් කියලා හිතනවා සියලු දෙනාට.
මොකද මේ සින්දුවේ අර්ථය ඒ තරමටම හිතට දැනෙනවා.
කාසියක දෙපැත්ත වගේ හිටපු යාලුවො එක්ක ගත කරපු අතීතය කොච්චර සුන්දරද…
එක බත් එකකින් හැමෝගෙම බඩගින්න නිවපු අවස්ථා කොච්චර තිබුනද.”මචං මටත් කටක්
කවපන්කො”කියපු වාර , එහෙම කවපු වාර  කොච්චරද.මතක් වෙනකොටත් සතුටුයි
ඒ වගේම ආයෙත් ඒ අතීතෙට යන්න බැරි එක ගැන ගොඩක් දුකයි.
පොඩි පන්ති වලට වඩා 9,10,11 පන්ති වලදී පුදුම විදිහට එකිනෙකා අතර බැදීමක්
තිබුනා.ඒ බැදිම ගෑණු ළමයි පිරිමි ළමයි කියලා ‍භේදයක් තිබුනෙ නෑ.සමහර වෙලාවට කතාබහ‍ කරද්දි
වත් වෙනසක් තිබුනෙ නෑ.අපි සමහර වෙලාවට කථාබහ කරපු විධිහ…..අපි ගොඩක් සමිප වුනා
යාලුවො විදිහට.අපි කොච්චර නෝට් ගෑණු ලමයින්ට කියලා ලියාගෙන ඇද්ද.මේ විදිහට හැමෝම
මේ අවසන් අවුරුදු කිහිපය දුක සැප සතුටින් බෙදා හදාගත්තා.
ඒ බැදීම අපි අතරෙ විතරක් නෙමෙයි,ගුරුවරු හා අපි අතරෙත් තිබුනා.අපි සමීප වුන
තරම කොච්චරද කියනවනම් අපි කථා කලේ sir කියනවට වඩා අයියෙ කියලා.අයියලාත් අපිට
සැළකුවේ තමංගෙම මල්ලිකෙනෙක්,නංගිකෙනෙක් විදිහට.වාර විභාගෙ දවස් වල පාන්දර 4 ටත්
අපිට පන්ති තිබුන වෙලාවල් තිබුනා.අපි පන්ති ගියෙ කවදාවත් අකමැත්තෙන් නෙමෙයි.ඒ විදිහට
අපි දංවැලක පුරුක් වගේ එක‍ට හිටියෙ.ඔහොම කාලය අපිටත් නොදැනිම ගතවුනා.
නොවැම්බර් මාසෙ ඉවර වෙනවා සමග කට්ටිය හැමෝගෙම කථාව පන්තියේ අන්තිම
දවස ගැන.කට්ටිය මතක් කලත් අඬනවා.ඔහොම ඉතිං අන්තිම දවසෙ පොඩි පාටියක් තිබුනා.එදා රෑ
11.30 ටත් කාටවත් ගෙදර යන්න ඕනෙකමක් නෑ.ඒත් කොහොමහරි අන්තිමට අයියලා
පස් දෙනාටම විදිනකොට අයියලාගෙ ඇස් වලටත් අපිට වගේම ඇස් වලට කදුලක් ඇතිවුනා.එතන
හිටපු දෙමාපියන්ටත් ඒ වගේම සිද්ධ වුනා.ටික වෙලාවකින් එතන හිටපු හැම දෙනාම අඬන්න පටන්
ගත්තා.එදා ඒ වෙලාවෙ දාලා තිබුනා
මා ඉතිං යන්න යනවා මට යන්න අවසරයි
මට අරං යන්න ඇත්තේ ඒ මතකය විතරයි…….
තාමත් ඒ සිංදුව කොතනකදි ඇහුනත් ඇහැට කදුලක් ඇති වෙනවා.ඒ වගේ සොදුරු කාලයක්
ආපහු එන්නෙ නැති බව මතක් වෙනකොට.ඒ කාලෙ තිබුන සුන්දර බව A\Lවලදිවත් ලැබෙන එකක් නෑ….
ඒත් තවත් දුක හදවතට දැනෙන කථාවක් තියනවා මෙච්චර එකට හිටපු යාලුවො ගැන කියන්න….
ඒත් ඒ වගේ දේවල් පලවෙනිම ලිපියෙන් කියන එක හොද නැහැනෙ……මම වෙන දවසක කියන්නම්….
සුලගේ ලෙලෙනා මල් සේ දඟ පා
පාසල් ගිය කාලයේ යාලුවො අද නැත
වෙන අය එහි ඇත කාලය මැවු
වෙනසන අරුමේ…….

ඒත් මම මේ කියන්න හදන්නේ පාසල ගැන නම් නෙමෙයි…..පාසල ගැන මම
වෙන ලිපියකින් කියන්න බලාපොරොත්තු වෙනවා.
මේ සින්දුවේ මේ පද පෙල ඇහෙනකොට හිතට ඇති වෙන දුක කොහොමද කියලා
වචන වලින් කියන්න බෑ. මේ සින්දුව ඒ තරම් සංවේදී සින්දුවක් කියලා හිතනවා සියලු දෙනාට.
මොකද මේ සින්දුවේ අර්ථය ඒ තරමටම හිතට දැනෙනවා. කාසියක දෙපැත්ත වගේ හිටපු යාලුවො එක්ක ගත කරපු අතීතය කොච්චර සුන්දරද…
එක බත් එකකින් හැමෝගෙම බඩගින්න නිවපු අවස්ථා කොච්චර තිබුනද. “මචං මටත් කටක්
කවපන්කො”කියපු වාර , එහෙම කවපු වාර  කොච්චරද.මතක් වෙනකොටත් සතුටුයි
ඒ වගේම ආයෙත් ඒ අතීතෙට යන්න බැරි එක ගැන ගොඩක් දුකයි.
පොඩි පන්ති වලට වඩා 9,10,11 පන්ති වලදී පුදුම විදිහට එකිනෙකා අතර බැදීමක්
තිබුනා. ඒ බැදිම ගෑණු ළමයි පිරිමි ළමයි කියලා ‍භේදයක් තිබුනෙ නෑ. සමහර වෙලාවට කතාබහ‍ කරද්දි වත් වෙනසක් තිබුනෙ නෑ. අපි සමහර වෙලාවට කථාබහ කරපු විධිහ…..අපි ගොඩක් සමිප වුනා යාලුවො විදිහට. අපි කොච්චර නෝට් ගෑණු ලමයින්ට කියලා ලියාගෙන ඇද්ද. මේ විදිහට හැමෝම මේ අවසන් අවුරුදු කිහිපය දුක සැප සතුටින් බෙදා හදාගත්තා.
ඒ බැදීම අපි අතරෙ විතරක් නෙමෙයි, ගුරුවරු හා අපි අතරෙත් තිබුනා. අපි සමීප වුන
තරම කොච්චරද කියනවනම් අපි කථා කලේ sir කියනවට වඩා අයියෙ කියලා. අයියලාත් අපිට
සැළකුවේ තමංගෙම මල්ලිකෙනෙක්, නංගිකෙනෙක් විදිහට. වාර විභාගෙ දවස් වල පාන්දර 4 ටත් අපිට පන්ති තිබුන වෙලාවල් තිබුනා. අපි පන්ති ගියෙ කවදාවත් අකමැත්තෙන් නෙමෙයි. ඒ විදිහට අපි දංවැලක පුරුක් වගේ එක‍ට හිටියෙ. ඔහොම කාලය අපිටත් නොදැනිම ගතවුනා.
නොවැම්බර් මාසෙ ඉවර වෙනවා සමග කට්ටිය හැමෝගෙම කථාව පන්තියේ අන්තිම
දවස ගැන. කට්ටිය මතක් කලත් අඬනවා. ඔහොම ඉතිං අන්තිම දවසෙ පොඩි පාටියක් තිබුනා. එදා රෑ 11.30 ටත් කාටවත් ගෙදර යන්න ඕනෙකමක් නෑ. ඒත් කොහොමහරි අන්තිමට අයියලා පස් දෙනාටම විදිනකොට අයියලාගෙ ඇස් වලටත් අපිට වගේම ඇස් වලට කදුලක් ඇතිවුනා. එතන හිටපු දෙමාපියන්ටත් ඒ වගේම සිද්ධ වුනා. ටික වෙලාවකින් එතන හිටපු හැම දෙනාම අඬන්න පටන්ගත්තා. එදා ඒ වෙලාවෙ දාලා තිබුනා,
මා ඉතිං යන්න යනවා මට යන්න අවසරයි
මට අරං යන්න ඇත්තේ ඒ මතකය විතරයි…….
තාමත් ඒ සිංදුව කොතනකදි ඇහුනත් ඇහැට කදුලක් ඇති වෙනවා. ඒ වගේ සොදුරු කාලයක් ආපහු එන්නෙ නැති බව මතක් වෙනකොට. ඒ කාලෙ තිබුන සුන්දර බව A\L වලදිවත් ලැබෙන එකක් නෑ….
ඒත් තවත් දුක හදවතට දැනෙන කථාවක් තියනවා මෙච්චර එකට හිටපු යාලුවො ගැන කියන්න….
ඒත් ඒ වගේ දේවල් පලවෙනිම ලිපියෙන් කියන එක හොද නැහැනෙ……මම වෙන දවසක කියන්නම්….
මගෙ කලින් ලිපියට comment දාලා තිබුන හැම දෙනාටම බොහොම ස්තූතියි.
ඕගොල්ලා කියවලා ඕගොල්ලාට මේ ගැන දැනුනෙ ‍කොහොමද කියලා comment එකක් දාන්නකො.




ආයුබෝවන්!!!!

25 09 2009

මගේ නම සමීර උදයංග.මට අවුරුදු 17(2009). මම සාමාන්‍ය පෙල විභාගයට පෙනී හිටියෙ
2008 එම්.ඩී.එව් ජයවර්දන විද්‍යාලයේ. දැං මම අ‍ශෝක විද්‍යාලයේ උසස් පෙල වානිජ අංශයේ
ඉ‍ගෙනුම ලබනවා.
මම හුගක් කල් ඉදලා හිතන් හිටපු දෙයක් තමයි blog එකක් ලියන්න.
ඒත් මොනවා ලියන්නද කියලා හිත හිතා හිටියේ.ඒ අතරේ තමයි මගෙ හිතට එන අදහස් හා යම් යම් අද්දැකීම් ඔබත් සමග බෙදා ගන්න blog එකක් ලියන්න හිතුවෙ. නමුත් මහ විශාල අද්දැකීම් නම් මට නැහැ නමුත් මේ අවුරුදු 17 තුල ලබපු අද්දැකීම් ප්‍රමාණයක් තියනවා.

ඒ බොහොමයක් ලැබුනෙ යාලුවො නිසා, වගේම ඔවුන්ගෙන් බොහොමයක් උදවු ලැබුනා
ඒ නිසා මම හිතුවා “හිත මිතුරු සුළග” කියලා නම් කරන්න. ඕගොල්ලා මගෙ Blog එක බලලා
comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒක මට ඉදිරියට හුගක් ශක්තියක් වෙයි.