SBU එකත් තිබුනා ඒත් එන්න නම් අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒ ගැන බොහොම කණගාටුයි.
මම හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුත් මීට වඩා සාර්ථකව කරන්න ලැබෙන්න කියලා.
මේ දවස් වල කිසිම විශේෂ දෙයක් හිතට ආවෙත් නෑ ලියන්න තරම් ඒ අතරෙ ඉස්කෝලේ Project එකේ වැඩත් ගොඩගැහිලා. ඒ අතරතුර තමයි මෙහෙම ලියන්න වෙලාවක් ලැබුනෙ. ඒ අතර 2009 සාමාන්‍ය පෙළ විභාගයත්ඉවර වුනානෙ, ඒ නිසා ඒ ආශ්‍රයෙන් මොනවා හරි
ලිවුවොත් හොදයි කියලා මට හිතුනා.ඉතිං මම මේ විදිහට පටන් ගන්නම්…
අවුරුද්දකුත් ගෙවුනා නොදැනීම. ගත වෙච්ච අවුරුද්ද ගැන කියනවනම් සිය අනාගතය තීරණය කරන එක්තරා කඩඉමක් පසු කරපු තීරණාත්මක අවුරුද්දක් වුනා මට වගේම 2008 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටපු හැම දෙනාටම. ඉතිං කොහොම හරි අවුරුදු 11 ක් මහන්සි වෙලා ඉගෙන ගත්තු දේවල් පැය කිහිපයකින් කොළයක සටහන් කරලා ලොකු නිවාඩුවක් ලැබෙනවා හැමෝටම. ඒ විධිහට මේ අවුරුද්දෙත් නංගිලා මල්ලිලා කට්ටියක් විභාගෙ ඉවර වෙලා නිවාඩුව භුක්ති විදිනවා ඇති. මටත් මතකයි ගිය අවුරුද්දෙ මමත් මේ වෙනකොට කවදාවත් නොදැනුන අමුතුම සැහැල්ලු හැගීමක් එක්ක හිටියා. හරියට හිස මත තිබුණු ලොකු බරකින් නිදහස් වුනා වගේ. අපි වගේම මේ අවුරුද්දෙත් නංගිලා මල්ලිලාත් ඒ සැහැල්ලුවෙන් ඉන්නවා නොඅනුමානයි. මොකද කියනවානම් මහන්සි වෙලා පාඩම් කරලා දැන් පොඩි විවේකයනක් ලැබිලා තියන නිසා. ඒ වගේම හිත් වල කවදාවත් නොදැනිච්ච දුකකුත් තියනවා අනිවාර්යෙන්ම. මොකද තමන්ගේ යාලුවන්ගෙන් ටිකක් දුරස් වෙන්න් සිද්ද වීම ගැන. ඒ ගැන හිතට ගොඩක්ම දැනෙන සින්දුවක් තමයි මේ
සුළගේ ලෙලෙනා
මල් සේ දග පා
අප පාසැල් ගිය කාලයේ
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරැමේ….
සුළගේ ලෙලෙනා…..
ලොකු පන්තියෙ අය පොඩි පන්තියේ අය
සැමදෙන එක පන්තියේ විලසේ//
අප පොත්වල දුටු රජවරැ සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැව්වේ…
සුළගේ ලෙලෙනා…..
සාමල අමරලා පොත් තුළ තව ඇත
එන එන අය හා යාළු වෙතේ//
අපේම පාසැල අපේම මව විය
එදවස් අප හට නැත ආයේ…
සුළගේ ලෙලෙනා…..//
මේ ගීතය ශාලිත අබේගුණවර්දන ගායනා කරන ගීතයක්. මේ ගීතය මම මීට පෙරත් අමතක නොවන මතකයක්…… ලිපිය යොදා ගත්තා. මට හිතුනා පාසල් කාලය ගැන කියන්න ඒ ගීතය වඩාත් උචිතයි කියලා.
පාසල් කාලේ සුන්දර මතකයන් හැම දෙනාගෙම මතකයේ රැදී තියන ඒ මතකය මතක් කර සතුටු වෙනවා හැර
දැන් කරන්න දෙයක් නෑ.
පෙර ලිපි වලට ප්‍රතිචාර දැක්වු සියලු දෙනාට ගොඩක් ස්තූතියි. පෙර ලිපි වලට වගේම මේ ලිපියේ හොද නරක කොහොමද කියලා comment එකක් දාන්නකෝ…….



මගේ ඉස්කොලේ යලුවොටික සෙට් උනොත් අනිවර්යයේන්ම කියන සින්දවක් කමයි මෙක. අපි ඉතින් අනිවා අවුරැද්දට 2 පාරක් 3 පාරක් සෙට් වෙනවමයි ….
ඇත්තටම මේ සින්දුව පාසල් කාලය ගැන කියවෙන හිතට දැනෙන ලස්සන අර්ථයක් තියන සින්දුවක් තමයි. ඒ සින්දුව ඇහුනාම පාසල් කාළයේ මෙතෙක් ගත වෙච්ච කාලය මෙ අද ඊයෙ වගේ මතක් වෙනවා. මේ සින්දුව ඇහෙන හැම වාරයකම ඒ සොදුරු මතකය තවත් අලුත් වෙනවා හැර අමතක නම් වෙන්නෙ නෑ.
ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි.
මල්ලි හැම දාම ඉස්කොලෙ යමන්… දැන් මට දුකයි .. ඉස්කොලෙට ආරක්ශකයෙකුත් දාලා දැන් අතුලට යන්නත් බැහැ. අපෙ ඉස්කොලෙ මාර ගහයට හවස නිදාගෙනත් ඉදලා තියනවා. එ කාලෙ අපහු එන්නෙත් නැහැ … ගන්නත් බැහැ…… කස්ටිය සෙට් උනාම තමයි බලන්න තියන්නෙ…..
ඒක නම් ඇත්ත ඉස්කෝලෙ යන කාලෙට හිතෙනවා මොන කරදරයක්ද මේ කියලා… ඒත් ඉස්තෝලෙ කාලෙ අවසන් වුනාම තමයි හිතෙන්නෙ මේ ඊට වඩා කරදරයක් කියලා……..
ඉස්කෝලෙ යන කාලෙ අපි වින්දෙ කරදරයක් නෙමෙයි ඒක තමයි ජීවිතයේ තියන සුන්දරම කාලය කියලා හිතෙන්නෙ ඊට පස්සෙ තමයි………
ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි.
ඉස්කෝලේ ගිය කාලේ මතක්වෙනකොට නම් ගොඩක් දුකයි, මේ තියන ගැටලු එකක් වත් නෑ ඒ කාලේ.. අයේ ඉස්කෝලේ යන්න තිබුනනම් කියලා සිතෙනවා….
ඒක නම් ඇත්ත ඉස්කෝලෙ යන කාලෙ කිසිම ගැටලුවක් තැතුව ඉගන ගන්නනෙ තියෙන්නෙ….. ඒ සැහැල්ලුව දැනෙන්නෙ සමාජයත් එක්ක විවිධ පුද්ගලයන් සමග හැසිරෙන විට තමයි.
ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි.
මටත් දුකයි පරණ ඉස්කොලේ යාලුවන් ගැන, ඒත් අපි ටිකදෙනෙක් තාමත් හම්බවෙනවා.
මොනව වුනත් සමීර අයියට ජය වේවා………………..