මෙවැනි පුද්ගලයන් සිටීද?

14 11 2009
ටික දවසකින් මුකුත්ම ලියන්න බැරි වුනා ඉතිං  මොනවා ලියන්නද කියලා හිත හිත ඉන්නකොට ඉස්කොලෙ  යන අතරමගදි අහම්බෙන් දැක්ක සිදුවීමක් ලියන්න හිතුනා මොකද ඒ වගේ දේවල් ඇගයීමකට ලක් කල යුතු දේවල් නිසා.
මම ඉතින් මෙහෙම පටන් ගන්නම්,  මම එදා ටිකක් නැගිටින්න පරක්කු වුන නිසා ටිකක් බස් එකට ටිකක් පරක්කු වුනා. ඉතිං මම වෙනදා යන බස් එක මගඇරුනු නිසා වෙන බස් එකක යන්න මට සිද්ධ වුනා.  ඉතිං මම බස් එකේ රාජගිරිය හරියට යනකොට බස් එකේ හොදටම සෙනග ලංකාවෙ බස් වලට සෙනග පටවන එත ගැන ඉතිං කියන්න ඕනෙ නෑනෙ. බස් එකට අඩිය තියන්නත් කලින් බස් එක ගිහිල්ලා ඉවරයි. සමහර දෙනා වයසවත් නොතකා සලකන විධිහ දැක්කම හිතෙනවා මේත් මිනිස්සුද කියලාත්. මට නම් ගේ ලගින්ම බස් එක පටන් ගන්න නිසා හැමදාම සීට් එකක් හම්බ වෙන නිසා සනීපෙට යන්න පුලුවන්. සමහර දවස් වලට නම් හිටගෙන යන්න වෙනවා මොකද අතරමගදි සීට් එක දෙන්න වෙන අවස්ථා තියනවනෙ.
කොහොම හරි රාජගිරියෙදි ‍වයසක ආච්චි කෙනෙක් බස් එකට ගොඩ වුනා.  බස් රථයේ රියදුරු මහතා ඉතා ඉවසිලිවන්තව බස් රථය නවතා ඒ වයසක ආච්චි බස් එකට නැගලා වාඩි වෙනකන් ඉදලා තමයි බස් එක ගියෙ. ඒත් පුදුම හිතෙන වැඩේ කියන්නෙ කොන්දොස්තර මහතා ඉතාමත්
කාරුණික ලෙස ඒ ආච්චි ලගට ඇවිත් “අම්මා කොහෙටද යන්නෙ” කියලා අහලා ටිකට් දෙන විටත් ඉතා කාරුණිකව “අම්මෙ මාරු සල්ලි නැද්ද “ කියා අසා නැති බව කියු විට  ”කමක් නෑ අම්මෙ” කියා ටිකට් දුන්නා. මට ඒ දෙය දැකලා පුදුම හිතුනා.  මොකද දැන් බොහෝ කොන්දොස්තර මහතුන් හා මේ කොන්දොස්තර මහතා දිහා බැලුවම.
මට මේ ගැන ලියන්න හිතුනේ මේ වැනි වු ක්‍රියා අතිශය දුර්ලභ නිසාත් අපි වැරදි කියනවට වඩා අගය කල යුතු ක්‍රියා අගය කල යුතු නිසාත්. තවද කාලය නිකරුනේ ගෙවෙනවට වඩා නිවාඩු වෙලාවට මේ වගේ අද්දැකීම් ඔබත් සමග බෙදාහදා ගැනීම හොද යයි සිතුන නිසාත්. සමහර විට මගෙ වැරදි අඩුපාඩු ඇති ඒ ගැනත් ඔබේ අදහසුත් දක්වන්න.

ක්‍රියා

Information

ප්‍රතිචාර 13 කි

14 11 2009
බුධාජීව

හොඳම දේ තමයි එක එක්කෙනාගෙ වෘත්තිය, පෙණුමෙ, පවුල් පසුබිම අනුව ඒ අය ගැන තීරණ ගන්නෙ නැතිව, ඒ ඒ පුද්ගලයා වෙන වෙනම තේරුම් ගැනීම.

මීට අවුරුදු දෙදහස් පන්සිය ගානකට කලිං හිටපු සුවිශේෂී පුද්ගලයෙකුත් ඒටිකම කියල තිබ්බත්, අපි කරන්නෙ ඒව අවබෝධ කරගන්නෙ නැතිව, ඒවා කරතබාගෙන යාම විතරයි නේ!

14 11 2009
samee4it

ඔවු ඒකනම් ඇත්ත. අපේ සමාජයේ බොහෝ දෙනා කරන්නෙ ඔහුගේ බාහිර ස්වරූපය දිහා බලලා ඔහුව මනින එකයි. ඒත් එයින් අපිට එම පුද්ගලයා මනින්න බෑ. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි යාලුවේ.

15 11 2009
sasanoj4it

සමිර ඒ වගේ මහත්වරු බොහෝ දෙනෙක් මම 177 හා 171 බස් මාර්ග වල දැකලා තියෙනවා
ඇත්තටම වර්ණා කරන්න අවශ්‍ය දෙයක්

15 11 2009
ගයන්ත

අතේ ඇඟිලි පහම එක වගේ නෑලු නේ… ;)

15 11 2009
sameera

ඒක නම් ඇත්ත. සමාජයේ විවිධ පුද්ගලයො ජීවත් වෙනවා. ඔවුන්ගෙ හැසිරීම් එකිනෙකාට වෙනස්. කල යුත්තේ පුද්ගලයාගේ මතුපිට පෙනුමෙන් ඔහුව මැනීම සිදු නොකිරීමයි.

ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි යාලුවේ.

15 11 2009
මනුශාන්

මෙහෙත් කොන්දෝ 10 ක් ගත්තොත් එතනින් කොන්දොස්තරලා 2 ක් ඔය වගේ කාරුනික ඇයෝ
ඇත්තටම ඒ වගෙ අය අගය කරන්න ඔනේ

15 11 2009
දර්ශන

ඇත්තටම මේ වගේ අය අගය කල යුතුයි.
නමුත් කණගාටුවට කරුණ නම් මනුශාන් කිව්ව වගේම එහෙම අය බොහෝම අඩු වීමයි.

15 11 2009
sameera

ඇත්තටම දර්ශනත් මනුශානුත් කිවුවා වගේ එවැනි අය අඩුයි තමයි. ඒ වගේ කොන්දොස්තරලා ඉන්නවනම් කෙච්චර හොදයිද.

ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි යාලුවේ.

16 11 2009
නිලන්ත

මොන රැකියවක වුවත් කෙතරම් වැදගත් මහත්වරු සිටිත් ද? අප සමාජය පුරා වැරදිම දැකලා වැරදි ගැනම පුන පුනා කියලා අප ඒවම විතරයි දකින්නේ. හොඳ දකින්නේ කලාතුරකින්.

9 12 2009
දුකා

මගේ නම් හැඟීම හොඳ අය තමයි මේ ලෝකේ වැඩියෙන්ම ඉන්නේ කියලා . . . කොන්දොස්තරල ගැන නම් හිතුවාම හොඳ අය ටිකක් අඩුයි වගේ තමයි . . . මේක කියෙව්වාම තේරුනා එහෙම අය නෑ නෙමෙයි අඩුයි කියලා

10 12 2009
sameera

ඒක නම් ඇත්ත.
ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි යාලුවේ.

29 12 2009
Kathandara Karaya

සමාජය පොදුවේ කෙතරම් නරක් වී අති කිවහොත් අපට සාමාන්‍ය තත්වය පවා පේන්නේ විශ්මිත දේවල් ලෙසයි.

29 12 2009
Sameera

ඇත්තටම කියනවනම් ඒක තමයි ඇත්තම කථාව. කෙනෙකුට හොදින් කථා කිරීම කියන්නෙ සාමාන්‍ය දෙයක් ඒත් දැන් තත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඒ වෙනස් වීමත් සමග අපිට දැනෙන්නෙ හොද වැඩක් වුවද විශ්මිත දේවල් ලෙසටයි.
ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි යාලුවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )




Follow

Get every new post delivered to your Inbox.