ටික දවසකින් මුකුත් ලියන්නත් බැරි වුනා. අද ඉස්කෝලෙත් ගිය නැති නිසා මොනවා හරි ලියන්න හිතුනා. ලියන්න නම් ගොඩක් දේවල් තියනවා. ඒත් මම ලගදි අහන්න ලැබුනු සිද්ධියක් ගැන ලියන්න හිතුවා.
සිය දිවි නසා ගැනීම,අද සමාජයේ සුලබ ක්‍රියාවක් බවට පත් වී තිබෙනවා. මොකද අද පත්තරයක් බැලුවත් සතියකට අනිවාර්යෙන්ම මෙවැනි සිද්ධි සුලභව දකින්න ලැබෙනවා. මේ තත්වය ගොඩක්ම පවතින්නේ පාසල් ලමයින් අතරයි. මේ දින වල ගොඩක්ම දකින්න ලැබුනේත් පාසල් වයසේ ලමයින්ගෙ සිදුවීම්. මේවාට ගොඩක්ම මුල් වෙන්නෙ ජංගම දුරකතන කියලා ගොඩක් දෙනා පවසනවා. නමුත් ඒකද ඇත්තම කථාව? නැහැ,අපිට ජංගම දුරකතනය පිටම වරද පටවන්න බැහැ. මොකද තාක්ෂණය දියුණු වෙනවා ඒක නවත්තන්න බෑ. කල යුතු වන්නෙ අපි වරදින් වැලකීමයි.
අවුරුදු ගනනාවක් දුක් මහන්සි වෙලා දෙමවුපියො දරුවන් උස් මහත් කරනවා. ඒ දහසක් බලාපොරොත්තු හිත් වල පුරවාගෙන. ඒත් අවුරුදු 15 ක් 16 ගිහාම තමන්ගෙ දෙමවුපියන්ව දරුවන්ට අමතක වෙනවා. දෙමවුපියන් කියන දේවල් කිසිම දෙයක් අහන්නෙ නෑ. එහෙම අහන්නෙ නැතුව තමන්ගෙ ජීවිතය නිකං අපරාදේ නාස්ති කරගන්නවා.
මේ විදිහට ජීවිත කීයක් නම් නාස්ති වුනාද මේ අවුරුද්දෙ. ඒ ගැන ඉතිං ඔබටත් අහන්න දකින්න ලැබුනනෙ ගිය දවස් වල. ප්‍රශ්නය, මොකටද මේ විදිහට නිකරුනේ ජීවිතය නාස්ති කරගන්නෙ? ප්‍රශ්නයක් ඇති වුනා නම් සිය දිවි නසා ගැනීම නෙමෙයි විකල්පය. ඒ ප්‍රශ්නය ඇති නොවෙන්න මුල සිටම වග බලා ගත්තා නම් මේ ප්‍රශ්නය ඇති නොවෙන්න තිබුනා.
මේ විදිහට ළමයි කරන අණුවනකම් නිසා අහිංසක නිකං රටේ ලෝකෙ මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා. ඒත් ඇතැම් අවස්ථාවක දී දෙමවුපියනුත් මේ ඛේදජනක තත්වයට වග කිව යුතු වෙනවා. මොකද, ඇතැම් දෙමාපියන් තම දරුවන්ගේ වයස ගැන පවා නොතකා ජංගම දුරකතන අරන් දෙනවා. තවද තම දරුවන් කරන කියන දේවල් ගැන සොයා බලන එක තරමක් දුරට අඩු කරනවා. ඒකත් මේ තත්වයට හේතු වෙනවා. කෙසේ හෝ කාගේ කාගේ වරදින් වුවත් මේ සිදුවීම දිගින් දිගටම සිදු වුවහොත් විශාල මෙය විශාල ප්‍රශ්ණයක් බවට පත්වනු නොඅනුමානයි.
ඔබත් මේ පිළිබද යම් මතයක් දරනවා ඇති. මේ පිළිබද ඔබ දරන මතයත් comment එකක් මගින් ප්‍රකාශ කරන්න. ඒක ලොකු ශක්තියක් වේවි මට තව දුරටත්……



“අපිට ජංගම දුරකතනය පිටම වරද පටවන්න බැහැ” කොටසත් එකක මම 100 යට 100 ක් එකඟ වෙනවා
ඇත්තටම නියමයි සමිර
ඔයා ලියපු මාතෘකාව නියමයි
බොහොම ස්තූතියි යාලුවේ….
ඒ වගේම අද සමාජයේ ඉදිරියේ කතා කල යුතු මාතෘකාවක්
“අද ඉස්කෝලෙත් ගිය නැති නිසා මොනවා හරි ලියන්න හිතුනා” මෙකනම් රටේ අවාසනාව …..
ඔවු ඔවු. ඒකටත් මම එකඟ විය යුතු වෙනවා. බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට.
අද වැඩියෙන්ම සියදිවි හානි කරගන්නෙ ගෑණු ළමයිනෙ,
මොකද ඒ ගැන කියන්නෙ??
ඒක නම් ඇත්ත. මොකද ගිය දවස් වල වැඩියෙන්ම සියදිවි හානි කරගත්තෙ ගෑණු ළමයිනෙ.
මම ඒ කථාවට 100% ක්ම එකඟයි.
“තම දරුවන්ගේ වයස ගැන පවා නොතකා ජංගම දුරකතන අරන් දෙනවා” මේන් මෙ කාරණය නිසා තමයි බං මට ඉන්ටනෙට් ගන්න ලැබුනේ… නැත්තං බලා හිටපන්කෝ 20 පනිනකන් ඒකටත්..
මේ ලඟදි පත්තරේක තිබ්බා කෙල්ලයි කොල්ලයි දිවි නහගන්න ඇවිත් කොල්ල ඇල්ලෙන් පැන්නම කෙල්ලට බය හිතිල ඒකි පනින්නැතුව ගෙදර ඇවිත කියල..
අරන් දෙන එකත් එක්තරා ප්‍රශ්ණයක් තමයි. ඒත් ඒක නිවැරදි විධිහට පාවිච්වි කරනවා නම් නේද හොද? ඒ ගැන වගකීම තියෙන්නෙ ඒක පාවිච්චි කරන කෙනාගෙ අතේ.
වැදගත් ලිපියක් යාලුවේ!
mekanam tanekara atta. katawat nawattannat bane.
හොද ලිපියක්
මේ වගේ කාලීන මාතෘකාවක් ගැන ලියපු එක හොදයි
ගැටළුව ඇත්තේ ජංගම දුරකතනයේවත්, එය භාවිතා කරන්නාගේ වයසේවත් නෙවෙයි. සියදිවි නසාගැනීමට භාජනය වූ තැනැත්තාව සමාජය විසින් තේරුම් නොගැනීම හෝ තේරුම් ගැනීමට උත්සාමා නොකිරීමේයි.
කිසිම කෙනෙකුට එක් වරම සියදිවි නසාගැනීමට සිතක් පහලු වෙන්නේ නැහැ, යම් මානසික රෝගයක් නොවේ නම්. ළමා සියදිවි නසාගැනීම් බොහෝමයක වරද ඇත්තේ ඔවුන් තමන් විසින් නැටවෙන රූකඩ බවට පත්විය යුතු යැයි සිතා සිටින තකතීරු වැඩිහිටියන් විසින් ඔවුන් මත එල්ල කරන ලද පීඩනයන් නිසා.
අනිවාර්යෙන්ම දැනට සියදිවි නසාගැනීම් බොහොමයක් සිද්ද වුනේ වැඩිහිටියන් විසින් ඔවුන් මත එල්ල කරන ලද පීඩනයන් නිසා තමයි. ඒ තැනැත්තාව සමාජය විසින් තේරුම් ගත්තා නම් මේ වටිනා ජිවිත අදටත් ජීවත් වෙනවා.
meka katha kalayuthu kaleena mathrukawak. sthuthi karanawa sammerata meka liuwata
Aththa, demapiyan mekedi meeta wada salakilimath wenna one. mobile phone 1 thahanam kirima neme karane. warada wela thiyenne eka nisi kalata athata path noveemai.
aduma tharame O/L wath karanna kalin me apooru gajet eka lamainge athata dena eka nam nokala yuthu deyak..
වරද 100% දුරකථනය පිට පටවන්න බැහැ. නමුත් ඒක වැරදියට භාවිතා කිරීම නිසා ඇති වුණු ප්‍රථිඵලයක් වෙන්න පුළුවන්.
දැළි පිහියකින් රැවුල කපාගන්නත් පුළුවන් බෙල්ල කපාගන්නත් පුළුවන්නේ. බෙල්ල කපාගත්ත මිනිහගෙ පැත්ත අරන් දැළි පිහියට චෝදනා කරන්න පුළුවන්ද අපට…..????
[said] කල යුතු වන්නෙ අපි වරදින් වැලකීමයි.
සම්පූර්ණයෙන්ම ඇත්ත.
මේ මාතෘකාව තෝරගත්තු එකනම් නියමයි මචා. දිගටම හරවත් දේ ලියපන්. ජය වේවා!!!!
බොහොම සතුටුයි.කාර්යය බහුල සමාජයක මිතුදමක අරුත දත් හැම දෙනාටම නියම යාලුවො විදිහට බොහොම ස්තූතියි හරි වැරැද්ද පෙන්වා දෙනවාට. තව දුරටත් වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න ඒක ලොකු ශක්තියක්. යාලුකමේ සැබෑ අරුත අන්න ඒකයි නේද යාලුවේ?
alakiri machan
හොඳ ලිපියක් . . . මේ වගේ මාතෘකා ගැන විවෘතව කතා කල යුතුයි . . . විශේෂයෙන් ඔබ වැනි යෞවන වයසේ පසුවන අය . . .
බොහොම ස්තූතියි අයියෙ. මම තව ඉදිරියටත් මේ වගේ මාතෘකා ගැන කථා කරන්න බලාපොරොත්තු වෙනවා.
තාක්ෂණයත් එක්ක අප ඉදිරියට යා යුතුයි.
තාක්ෂණය හරියට භාවිතා කරන එක අපෙ වැඩක් .
නියමෙට ලියලා තියෙනවා,
නියම වැඩක්.
ඒක නම් ඇත්ත. බොහොම ස්තූතියි.