සුලගේ ලෙලෙනා මල් සේ දඟ පා
පාසල් ගිය කාලයේ යාලුවො අද නැත
වෙන අය එහි ඇත කාලය මැවු
වෙනසන අරුමේ…….
ඒත් මම මේ කියන්න හදන්නේ පාසල ගැන නම් නෙමෙයි…..පාසල ගැන මම
වෙන ලිපියකින් ලියන්න බලාපොරොත්තු වෙනවා.
මේ සින්දුවේ මේ පද පෙල ඇහෙනකොට හිතට ඇති වෙන දුක කොහොමද කියලා
වචන වලින් කියන්න බෑ.මේ සින්දුව ඒ තරම් සංවේදී සින්දුවක් කියලා හිතනවා සියලු දෙනාට.
මොකද මේ සින්දුවේ අර්ථය ඒ තරමටම හිතට දැනෙනවා.
කාසියක දෙපැත්ත වගේ හිටපු යාලුවො එක්ක ගත කරපු අතීතය කොච්චර සුන්දරද…
එක බත් එකකින් හැමෝගෙම බඩගින්න නිවපු අවස්ථා කොච්චර තිබුනද.”මචං මටත් කටක්
කවපන්කො”කියපු වාර , එහෙම කවපු වාර කොච්චරද.මතක් වෙනකොටත් සතුටුයි
ඒ වගේම ආයෙත් ඒ අතීතෙට යන්න බැරි එක ගැන ගොඩක් දුකයි.
පොඩි පන්ති වලට වඩා 9,10,11 පන්ති වලදී පුදුම විදිහට එකිනෙකා අතර බැදීමක්
තිබුනා.ඒ බැදිම ගෑණු ළමයි පිරිමි ළමයි කියලා භේදයක් තිබුනෙ නෑ.සමහර වෙලාවට කතාබහ කරද්දි
වත් වෙනසක් තිබුනෙ නෑ.අපි සමහර වෙලාවට කථාබහ කරපු විධිහ…..අපි ගොඩක් සමිප වුනා
යාලුවො විදිහට.අපි කොච්චර නෝට් ගෑණු ලමයින්ට කියලා ලියාගෙන ඇද්ද.මේ විදිහට හැමෝම
මේ අවසන් අවුරුදු කිහිපය දුක සැප සතුටින් බෙදා හදාගත්තා.
ඒ බැදීම අපි අතරෙ විතරක් නෙමෙයි,ගුරුවරු හා අපි අතරෙත් තිබුනා.අපි සමීප වුන
තරම කොච්චරද කියනවනම් අපි කථා කලේ sir කියනවට වඩා අයියෙ කියලා.අයියලාත් අපිට
සැළකුවේ තමංගෙම මල්ලිකෙනෙක්,නංගිකෙනෙක් විදිහට.වාර විභාගෙ දවස් වල පාන්දර 4 ටත්
අපිට පන්ති තිබුන වෙලාවල් තිබුනා.අපි පන්ති ගියෙ කවදාවත් අකමැත්තෙන් නෙමෙයි.ඒ විදිහට
අපි දංවැලක පුරුක් වගේ එකට හිටියෙ.ඔහොම කාලය අපිටත් නොදැනිම ගතවුනා.
නොවැම්බර් මාසෙ ඉවර වෙනවා සමග කට්ටිය හැමෝගෙම කථාව පන්තියේ අන්තිම
දවස ගැන.කට්ටිය මතක් කලත් අඬනවා.ඔහොම ඉතිං අන්තිම දවසෙ පොඩි පාටියක් තිබුනා.එදා රෑ
11.30 ටත් කාටවත් ගෙදර යන්න ඕනෙකමක් නෑ.ඒත් කොහොමහරි අන්තිමට අයියලා
පස් දෙනාටම විදිනකොට අයියලාගෙ ඇස් වලටත් අපිට වගේම ඇස් වලට කදුලක් ඇතිවුනා.එතන
හිටපු දෙමාපියන්ටත් ඒ වගේම සිද්ධ වුනා.ටික වෙලාවකින් එතන හිටපු හැම දෙනාම අඬන්න පටන්
ගත්තා.එදා ඒ වෙලාවෙ දාලා තිබුනා
මා ඉතිං යන්න යනවා මට යන්න අවසරයි
මට අරං යන්න ඇත්තේ ඒ මතකය විතරයි…….
තාමත් ඒ සිංදුව කොතනකදි ඇහුනත් ඇහැට කදුලක් ඇති වෙනවා.ඒ වගේ සොදුරු කාලයක්
ආපහු එන්නෙ නැති බව මතක් වෙනකොට.ඒ කාලෙ තිබුන සුන්දර බව A\Lවලදිවත් ලැබෙන එකක් නෑ….
ඒත් තවත් දුක හදවතට දැනෙන කථාවක් තියනවා මෙච්චර එකට හිටපු යාලුවො ගැන කියන්න….
ඒත් ඒ වගේ දේවල් පලවෙනිම ලිපියෙන් කියන එක හොද නැහැනෙ……මම වෙන දවසක කියන්නම්….
සුලගේ ලෙලෙනා මල් සේ දඟ පා
පාසල් ගිය කාලයේ යාලුවො අද නැත
වෙන අය එහි ඇත කාලය මැවු
වෙනසන අරුමේ…….
ඒත් මම මේ කියන්න හදන්නේ පාසල ගැන නම් නෙමෙයි…..පාසල ගැන මම
වෙන ලිපියකින් කියන්න බලාපොරොත්තු වෙනවා.
මේ සින්දුවේ මේ පද පෙල ඇහෙනකොට හිතට ඇති වෙන දුක කොහොමද කියලා
වචන වලින් කියන්න බෑ. මේ සින්දුව ඒ තරම් සංවේදී සින්දුවක් කියලා හිතනවා සියලු දෙනාට.
මොකද මේ සින්දුවේ අර්ථය ඒ තරමටම හිතට දැනෙනවා. කාසියක දෙපැත්ත වගේ හිටපු යාලුවො එක්ක ගත කරපු අතීතය කොච්චර සුන්දරද…
එක බත් එකකින් හැමෝගෙම බඩගින්න නිවපු අවස්ථා කොච්චර තිබුනද. “මචං මටත් කටක්
කවපන්කො”කියපු වාර , එහෙම කවපු වාර කොච්චරද.මතක් වෙනකොටත් සතුටුයි
ඒ වගේම ආයෙත් ඒ අතීතෙට යන්න බැරි එක ගැන ගොඩක් දුකයි.
පොඩි පන්ති වලට වඩා 9,10,11 පන්ති වලදී පුදුම විදිහට එකිනෙකා අතර බැදීමක්
තිබුනා. ඒ බැදිම ගෑණු ළමයි පිරිමි ළමයි කියලා භේදයක් තිබුනෙ නෑ. සමහර වෙලාවට කතාබහ කරද්දි වත් වෙනසක් තිබුනෙ නෑ. අපි සමහර වෙලාවට කථාබහ කරපු විධිහ…..අපි ගොඩක් සමිප වුනා යාලුවො විදිහට. අපි කොච්චර නෝට් ගෑණු ලමයින්ට කියලා ලියාගෙන ඇද්ද. මේ විදිහට හැමෝම මේ අවසන් අවුරුදු කිහිපය දුක සැප සතුටින් බෙදා හදාගත්තා.
ඒ බැදීම අපි අතරෙ විතරක් නෙමෙයි, ගුරුවරු හා අපි අතරෙත් තිබුනා. අපි සමීප වුන
තරම කොච්චරද කියනවනම් අපි කථා කලේ sir කියනවට වඩා අයියෙ කියලා. අයියලාත් අපිට
සැළකුවේ තමංගෙම මල්ලිකෙනෙක්, නංගිකෙනෙක් විදිහට. වාර විභාගෙ දවස් වල පාන්දර 4 ටත් අපිට පන්ති තිබුන වෙලාවල් තිබුනා. අපි පන්ති ගියෙ කවදාවත් අකමැත්තෙන් නෙමෙයි. ඒ විදිහට අපි දංවැලක පුරුක් වගේ එකට හිටියෙ. ඔහොම කාලය අපිටත් නොදැනිම ගතවුනා.
නොවැම්බර් මාසෙ ඉවර වෙනවා සමග කට්ටිය හැමෝගෙම කථාව පන්තියේ අන්තිම
දවස ගැන. කට්ටිය මතක් කලත් අඬනවා. ඔහොම ඉතිං අන්තිම දවසෙ පොඩි පාටියක් තිබුනා. එදා රෑ 11.30 ටත් කාටවත් ගෙදර යන්න ඕනෙකමක් නෑ. ඒත් කොහොමහරි අන්තිමට අයියලා පස් දෙනාටම විදිනකොට අයියලාගෙ ඇස් වලටත් අපිට වගේම ඇස් වලට කදුලක් ඇතිවුනා. එතන හිටපු දෙමාපියන්ටත් ඒ වගේම සිද්ධ වුනා. ටික වෙලාවකින් එතන හිටපු හැම දෙනාම අඬන්න පටන්ගත්තා. එදා ඒ වෙලාවෙ දාලා තිබුනා,
මා ඉතිං යන්න යනවා මට යන්න අවසරයි
මට අරං යන්න ඇත්තේ ඒ මතකය විතරයි…….
තාමත් ඒ සිංදුව කොතනකදි ඇහුනත් ඇහැට කදුලක් ඇති වෙනවා. ඒ වගේ සොදුරු කාලයක් ආපහු එන්නෙ නැති බව මතක් වෙනකොට. ඒ කාලෙ තිබුන සුන්දර බව A\L වලදිවත් ලැබෙන එකක් නෑ….
ඒත් තවත් දුක හදවතට දැනෙන කථාවක් තියනවා මෙච්චර එකට හිටපු යාලුවො ගැන කියන්න….
ඒත් ඒ වගේ දේවල් පලවෙනිම ලිපියෙන් කියන එක හොද නැහැනෙ……මම වෙන දවසක කියන්නම්….
මගෙ කලින් ලිපියට comment දාලා තිබුන හැම දෙනාටම බොහොම ස්තූතියි.
ඕගොල්ලා කියවලා ඕගොල්ලාට මේ ගැන දැනුනෙ කොහොමද කියලා comment එකක් දාන්නකො.



මටත් දුකක් දැනුන කියවන කොට අපි දැනුත් පන්තියේ ඉන්නෙ හරිම සහයෝගයෙන් නමුත් මේ දවස් වල නම් අපිම නිවාඩු දාල ලබන අවුරුද්දේ අගෝස්තු මාසෙ වෙනකොට මටත් ඔය දුක දැනෙනව අනිවාර්යයි
ඒක නම් ඇත්ත. ඒ වගේ කාලයක් නම් ආපහු එන්නෙ නෑ…..
ඇත්තම ඇත්ත කතාව..ඔයාගෙ ලිපිය කියවද්දි මාත් ඒ සුන්දර අතීතෙට ආපහු ගියා වගේ දැනුන.ඒවගේම දුකකුත් දැනුන.
ම්ටත් ඇස් වලට කදුළු ආවා
ඇත්තටම දැන් අපි යාළුවෝ එක පංතියේ හිටියත් ඉස්සර තිබ්බා බැදීම ටිකක් අඩුවෙලා වගෙ දැනෙනවා.
කොහොම උනත් එළ ලිපිය කොල්ලා සුබ පැතුම් දිග්ටම කරගෙන යන්න.!!
ඔවු, ඉස්සර තිබුන බැඳිම දැන් අඩුයි. මේ වගේ එකට හිටපු යාලුවන්ට එහෙම කරන්න පුලුවන්ද කියලාත් හිතෙනවා. මොනවා කරන්නද ඉතිං
හොදයි මල්ලි වඩෙ හොදයි… ඔහොම යන්.. අපිත් බලගෙන ඉන්නව ඔයගෙ අලුත් වැඩ….. මගෙ සුබ පැතුම්…
ඇත්තටම මම ගියා මගේ අතීතයට… අපි වෙන වුන දවසත් බොහෝම සංවේදී උනා. එක පාරක් නෙමෙ දෙපාරක්ම..සා.පෙළ සහ උ.පෙළ දෙකෙදීම…අදත් එ යාළුවන් හමුවුනාම එ කාලයෙ රසවත් මතකයන් අවධි වෙනවා..එකයි කාලය මවපු වෙනසෙ අරුමය.
O/L karana kaledi yahaluwo okkoma ekinekata badhimak thiyanawa.Exam davasata paper ekata answers liyanna help ekak denawa. Ai wunath A/L venakota okkoma kanapita peralenawa. A/L exam eken arayawa.. kapanna …meya balanne,,,,,
meka mage experience valin kiyanne……
evunath, school eken pita vunama….. pasal mithuran ge mathakaya sada amathaka nowe.
මා ඉතිං යන්න යනවා ගීතයට වඩා . . . සෝමතිලක ජයමහ මහතාත් නීලා වික්‍රමසිංහ මහත්මියත් ගායනා කරන . . . පියමං කෙරුවෙමි මහ විල් මැද්දෙන් . . පෙම්බස් දෙඩුවෙමු උයන් කොනක හිඳ . . . ශිල්ප උගත්තෙමු. . නැණ ලම ගත්තෙමු . . . දෙපා වාරු නැත ඔබ හර යන්නට . .. දෙපා වාරු නැත ඔබ හර යන්නට . . . ගීතය ලිව්වා නම් වඩාත් ගැලපෙනවා . . . ඇත්තෙන්ම ඔයා අපිව ආපහු පාරක් සුන්දර අතීතෙට ගෙනිච්චා වගේ මල්ලී . . . ස්තූතියි . . ඔහොම යං . .. අපි නිතරම ඔයා සමඟයි . ..
බොහොම ස්තූතියි අයියෙ.
උඹ, බොහොම ආයාසයෙන් අමතක කරන්න උත්සහ දරපු දේවල් ටිකක්; බොහොම ඉක්මණින් අපහු සම්පූර්ණයෙන්ම මතක් කර දුන්නා….
දිගටම ලියපන් මිත්‍රයා….
ජය වේවා!!!!
සමිර, දර්ශන කියපු දේ හරි අමාරුවෙන් අමතක කරන්න හදපු හුගක් දෙවල් උඔ මතක් කරලා දුන්නා. හැබැයි කොච්චර අමතක කරන්න හැදුවත් එක හරි සුන්දරයි.
ජය වේවා !!!!
හැම දෙනාටම බොහොම ස්තූතියි.
බැඳියක් හරහා පැමණියෙමි හෑල්ලට
උනනදුවෙන් කියවුයෙමි මුලු හෑල්ලම
සටහනක් දමන්නටම හිත කිවෙමි හෑල්ලට
යාලුවො ටික මතක්වුනේ, හින්දා මෙ හෑල්ල
කවදත් කියන පදවැලකි, එකතුවනෝත්, සෙටි එකම [සුලගේ ලෙලෙනා ම ..........]
තව ලියපන් මතක්වෙන්න එ කලේ
oya hariyata hari matath wela thiyenne oya tikama thamai.oyata mail adress ekak nadda.mage blog-www.priyanthabmv.wordpress.com/