පෙර ලිපි වලට ප්‍රතිචාර දැක්වු සියලු දෙනාට ගොඩක් ස්තූතියි. පෙර ලිපි වලට වගේම මේ ලිපියේ හොද නරක කොහොමද කියලා comment එකක් දාන්නකෝ…….
වසරකට පසු
7 01 2010ප්‍රතිචාර : 7 Comments »
ටැග: අද්දැකීම්, යාලුවො
ප්‍රවර්ග : Uncategorized
මෙවැනි පුද්ගලයන් සිටීද?
14 11 2009ප්‍රතිචාර : 13 Comments »
ටැග: සමාජය
ප්‍රවර්ග : සමාජය
අලුත්ම fasion එක මේකද?
23 10 2009ටික දවසකින් මුකුත් ලියන්නත් බැරි වුනා. අද ඉස්කෝලෙත් ගිය නැති නිසා මොනවා හරි ලියන්න හිතුනා. ලියන්න නම් ගොඩක් දේවල් තියනවා. ඒත් මම ලගදි අහන්න ලැබුනු සිද්ධියක් ගැන ලියන්න හිතුවා.
සිය දිවි නසා ගැනීම,අද සමාජයේ සුලබ ක්‍රියාවක් බවට පත් වී තිබෙනවා. මොකද අද පත්තරයක් බැලුවත් සතියකට අනිවාර්යෙන්ම මෙවැනි සිද්ධි සුලභව දකින්න ලැබෙනවා. මේ තත්වය ගොඩක්ම පවතින්නේ පාසල් ලමයින් අතරයි. මේ දින වල ගොඩක්ම දකින්න ලැබුනේත් පාසල් වයසේ ලමයින්ගෙ සිදුවීම්. මේවාට ගොඩක්ම මුල් වෙන්නෙ ජංගම දුරකතන කියලා ගොඩක් දෙනා පවසනවා. නමුත් ඒකද ඇත්තම කථාව? නැහැ,අපිට ජංගම දුරකතනය පිටම වරද පටවන්න බැහැ. මොකද තාක්ෂණය දියුණු වෙනවා ඒක නවත්තන්න බෑ. කල යුතු වන්නෙ අපි වරදින් වැලකීමයි.
අවුරුදු ගනනාවක් දුක් මහන්සි වෙලා දෙමවුපියො දරුවන් උස් මහත් කරනවා. ඒ දහසක් බලාපොරොත්තු හිත් වල පුරවාගෙන. ඒත් අවුරුදු 15 ක් 16 ගිහාම තමන්ගෙ දෙමවුපියන්ව දරුවන්ට අමතක වෙනවා. දෙමවුපියන් කියන දේවල් කිසිම දෙයක් අහන්නෙ නෑ. එහෙම අහන්නෙ නැතුව තමන්ගෙ ජීවිතය නිකං අපරාදේ නාස්ති කරගන්නවා.
මේ විදිහට ජීවිත කීයක් නම් නාස්ති වුනාද මේ අවුරුද්දෙ. ඒ ගැන ඉතිං ඔබටත් අහන්න දකින්න ලැබුනනෙ ගිය දවස් වල. ප්‍රශ්නය, මොකටද මේ විදිහට නිකරුනේ ජීවිතය නාස්ති කරගන්නෙ? ප්‍රශ්නයක් ඇති වුනා නම් සිය දිවි නසා ගැනීම නෙමෙයි විකල්පය. ඒ ප්‍රශ්නය ඇති නොවෙන්න මුල සිටම වග බලා ගත්තා නම් මේ ප්‍රශ්නය ඇති නොවෙන්න තිබුනා.
මේ විදිහට ළමයි කරන අණුවනකම් නිසා අහිංසක නිකං රටේ ලෝකෙ මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා. ඒත් ඇතැම් අවස්ථාවක දී දෙමවුපියනුත් මේ ඛේදජනක තත්වයට වග කිව යුතු වෙනවා. මොකද, ඇතැම් දෙමාපියන් තම දරුවන්ගේ වයස ගැන පවා නොතකා ජංගම දුරකතන අරන් දෙනවා. තවද තම දරුවන් කරන කියන දේවල් ගැන සොයා බලන එක තරමක් දුරට අඩු කරනවා. ඒකත් මේ තත්වයට හේතු වෙනවා. කෙසේ හෝ කාගේ කාගේ වරදින් වුවත් මේ සිදුවීම දිගින් දිගටම සිදු වුවහොත් විශාල මෙය විශාල ප්‍රශ්ණයක් බවට පත්වනු නොඅනුමානයි.
ඔබත් මේ පිළිබද යම් මතයක් දරනවා ඇති. මේ පිළිබද ඔබ දරන මතයත් comment එකක් මගින් ප්‍රකාශ කරන්න. ඒක ලොකු ශක්තියක් වේවි මට තව දුරටත්……
ප්‍රතිචාර : 23 Comments »
ටැග: සමාජය
ප්‍රවර්ග : Uncategorized
අමතක නොවන මතකයක්……
8 10 2009ප්‍රතිචාර : 15 Comments »
ටැග: අද්දැකීම්
ප්‍රවර්ග : Uncategorized
හැරගිය මිතුරේ….
26 09 2009මේ වෙන දේවල් දැක්කම මට දුක හිතුනා….
ඒකයි මම මේ විදිහට නුඹට ලියන්නේ.
හැම දෙනාම යන්ත්‍ර වගේ නෑ ගුණ දම් පිළිගන්නේ
නුඹත් හැම දෙනා වගෙම හැල්මෙ දුවන්නේ…..
අතීතයේ එක බත් පත
නුඹත් මමත් රස විඳි හැටි තාමත් මතකයි.
අතීතයේ අප මිතුදම අමතක කර දමා මෙලෙස
නුඹ හැසිරෙන හැටි දැකකම මටමම පුදුමයි……
මේ තමයි මගෙ පලමු ලිපිය.මම මුලින්ම කියන්න ඕනෙ මේ මගේ අද්දැකීමක් සමහර විට ඔබත් මේ වගේ අද්දැකීම් ඇතියාලුවො නිසා.
මේ ලිපිය ගැන හොද නරක ඔයගොල්ලාම කියන්නකො…….
ප්‍රතිචාර : 19 Comments »
ටැග: යාලුවො
ප්‍රවර්ග : Uncategorized
ආයුබෝවන්!!!!
25 09 2009මගේ නම සමීර උදයංග.මට අවුරුදු 17(2009). මම සාමාන්‍ය පෙල විභාගයට පෙනී හිටියෙ
2008 එම්.ඩී.එව් ජයවර්දන විද්‍යාලයේ. දැං මම අශෝක විද්‍යාලයේ උසස් පෙල වානිජ අංශයේ
ඉගෙනුම ලබනවා.
මම හුගක් කල් ඉදලා හිතන් හිටපු දෙයක් තමයි blog එකක් ලියන්න.
ඒත් මොනවා ලියන්නද කියලා හිත හිතා හිටියේ.ඒ අතරේ තමයි මගෙ හිතට එන අදහස් හා යම් යම් අද්දැකීම් ඔබත් සමග බෙදා ගන්න blog එකක් ලියන්න හිතුවෙ. නමුත් මහ විශාල අද්දැකීම් නම් මට නැහැ නමුත් මේ අවුරුදු 17 තුල ලබපු අද්දැකීම් ප්‍රමාණයක් තියනවා.
ඒ බොහොමයක් ලැබුනෙ යාලුවො නිසා, වගේම ඔවුන්ගෙන් බොහොමයක් උදවු ලැබුනා
ඒ නිසා මම හිතුවා “හිත මිතුරු සුළග” කියලා නම් කරන්න. ඕගොල්ලා මගෙ Blog එක බලලා
comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒක මට ඉදිරියට හුගක් ශක්තියක් වෙයි.
ප්‍රතිචාර : ප්‍රතිචාර වසා ඇත
ටැග: අද්දැකීම්, ආයුබෝවන්, යාලුවො, blog
ප්‍රවර්ග : බ්ලොග් එක



ප්‍රතිචාර